තට්ටු 12ක මහලින් බිමට වැටුණු පුද්ගලයෙකු මරුට
Monday, 05 September 2022 - 9:58 | Views - 432
වැල්ලවත්ත මායා මාවතේ මහල් 12 කින් යුත් ගොඩනැගිල්ලකින් ඇදවැටීමෙන් පුද්ගලයකු මිය ගොස් ඇතැයි වැල්ලවත්ත පොලිසිය පවසනවා.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ කිරුළපන ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 46ක පුද්ගලයෙක් බවටයි වාර්තා වන්නේ.
මියගිය පුද්ගලයා එම ගොඩනැගිල්ලේ එකොළොස් වැනි මහලේ ජනේලයක් අසල පිරිසුදු කිරීමේ කටයුතුවල නිරතව සිටියදී එයින් බිමට වැටී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බවටයි සඳහන් වන්නේ.
මෘත ශරීරය කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිත යි.
වැඩිදුර පරීක්ෂණ වැල්ලවත්ත පොලිසිය මෙහෙයවනු ලබයි.
Share This Article