දුරකථන ගාස්තු අද සිට ඉහළට
Monday, 05 September 2022 - 9:15 | Views - 517
අද (05) සිට ක්‍රියාත්මක වන පරිදි දුරකථන සේවා ගාස්තු හා මුදල් ගෙවා නරඹන රූපවාහිනී සේවා ගාස්තු ඉහළ දැමීමට දුරකථන සමාගම් පසුගියදා තීරණය කළා.
ඒ ,විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් අනුමැතිය ලැබුණු පසුවයි.
ඒ අනුව සියලුම ජංගම, ස්ථාවර දුරකථන හා බ්‍රෝඩ්බෑන්ඩ් ගාස්තු සහ සෙසු පෙරගෙවුම් හා පසුගෙවුම් ගාස්තු සියයට 20කින් ඉහළ දැමීමටයි නියමිතව තිබෙන්නේ.
තවද, අද සිට මුදල් ගෙවා නරඹන රූපවාහිනී සේවා ගාස්තු සියයට 25කින් ඉහළ දැමෙන බව ද මෙහිදී සඳහන් වුණා.
පසුගියදා සිදුකෙරුණු වැට් බදු සංශෝධනයත් සමග මෙලෙස දුරකථන ගාස්තු ඉහළ දැමීමට නියමිත බවටයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
පසු ගියදා මෙලෙස සියයට 12ක්ව පැවති වැට් බද්ද සියයට 15ක් දක්වා ඉහළ දැමුණු අතර, කෙසේ වෙතත්, මේ සම්බන්ධව ජනතාව අදහස් දක්වන්නේ නම් මෙලෙස සියලු ගාස්තු ඉහළට යාම හමුවේ තමන් බෙහෙවින් දුෂ්කරතාවන්ට ලක්ව ඇති බවටයි.
Share This Article