අදත් පැය 2ක විදුලි කප්පාදුවක්
Monday, 05 September 2022 - 7:45 | Views - 1,008
අද (05) දිනයේ දී පැය 2ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම විදුලිබල මණ්ඩලයට අවසර ලබා දී තිබෙනවා.

මේ අතර, ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අවශ්‍ය යෝජනා සහ ඊට අදාළ වැඩපිළිවෙළ මේ මස අවසන්වීමට පෙර කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ කමිටුව ඊට අදාළ යෝජනා බලශක්ති අමාත්‍යවරයා වෙත අද පෙරවරුවේ ලබාදී තිබෙනවා.

මේ අතර, ‍විදුලි බිල 75%ක සාමාන්‍ය අගයකින් ඉහළ නැංවීම සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පසුගිය අගෝස්තු 09 වැනිදා විදුලිබල මණ්ඩලයටල අවසර ලබා දුන්නා.

ඒ අනුව අගෝස්තු 10 වැනිදා සිට විදුලි බිල 75%කින් වැඩි කිරීමටයි ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කළේ.

වසර 9කට පසු සිදුවූ විදුලි ගාස්තු සංශෝධනයට අදාළ බිල්පත් මේ වනවිට පාරිභෝගිකයින් වෙත නිකුත් කර තිබෙනවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top