අදත් පැය 2ක විදුලි කප්පාදුවක්
Monday, 05 September 2022 - 7:45 | Views - 1,009
අද (05) දිනයේ දී පැය 2ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම විදුලිබල මණ්ඩලයට අවසර ලබා දී තිබෙනවා.
මේ අතර, ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අවශ්‍ය යෝජනා සහ ඊට අදාළ වැඩපිළිවෙළ මේ මස අවසන්වීමට පෙර කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ කමිටුව ඊට අදාළ යෝජනා බලශක්ති අමාත්‍යවරයා වෙත අද පෙරවරුවේ ලබාදී තිබෙනවා.
මේ අතර, විදුලි බිල 75%ක සාමාන්‍ය අගයකින් ඉහළ නැංවීම සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පසුගිය අගෝස්තු 09 වැනිදා විදුලිබල මණ්ඩලයටල අවසර ලබා දුන්නා.
ඒ අනුව අගෝස්තු 10 වැනිදා සිට විදුලි බිල 75%කින් වැඩි කිරීමටයි ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කළේ.
වසර 9කට පසු සිදුවූ විදුලි ගාස්තු සංශෝධනයට අදාළ බිල්පත් මේ වනවිට පාරිභෝගිකයින් වෙත නිකුත් කර තිබෙනවා.
Share This Article