රාජ්‍ය ආයතනවල තොරතුරු ජනතාවට ලබාදෙන්න නව ක්‍රමයක්
Friday, 02 September 2022 - 15:53 | Views - 382
රාජ්‍ය ආයතනවල තොරතුරු ජනතාවට ලබාගැනීම සඳහා නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ප්‍රමාදයකින් තොරව එම තොරතුරු ජනතාවට ලබාදීම සඳහා මෙම වැඩපිළිවෙල සකස් කර ඇති බවයි.
ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් සියලුම අමාත්‍යාංශ ලේකම්වරු මේ සම්බන්ධයෙන් දැනුවත් කර ඇති අතර, ජනතාව අපහසුතාවට ලක් නො කර අදාළ තොරතුරු ලබාදෙන ලෙසටයි ඔහු උපදෙස් ලබාදී ඇත්තේ.
Share This Article