වෛද්‍ය උපකරණ මිල - සියයට 40 කින් ඉහළට
Friday, 02 September 2022 - 15:48 | Views - 1,986
ඊයේ (02) දින සිට ක්‍රියාත්මක වන පරිදි වෛද්‍ය උපකරණ වර්ග 43 ක මිල ඉහළ දමමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ලගේ අත්සනින් නිකුත් කළ මෙම ගැසට් නිවේදනය මගින් අදාළ වෛද්‍ය උපකරණ සඳහා උපරිම සිල්ලර මිලක් ද නියම කරනු ලැබුවා.

ඒ අනුව හෘද සැත්කම් සඳහා භාවිත කරන ස්ටෙන්ට්, අක්ෂි කාච, පල්ස් ඔක්සිමීටර, රුධිර ග්ලූකෝස් මාපක සහ ඒ සඳහා භාවිත කරන තීරු ඇතුලු රෝග විනිශ්චය සහ සැත්කම් සඳහා භාවිත කරන වෛද්‍ය උපකරණ රැසක මිල නව ගැසට් පත්‍රය මගින් ඉහළ නංවා තිබෙනවා.

සියයට 40 ක පමණ ප්‍රතිශතයකින් මෙම වෛද්‍ය උපකරණ 43 හි මිල ඉහළ නංවා ඇති බවට සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළද ඇතැම් වෛද්‍ය උපකරණ සියයට සියයකින් පමණ නව ගැසට් පත්‍රයට අනුව මිල ඉහළ යන බවයි ඔසුසැල් හිමියන් පවසන්නේ.

පල්ස් ඔක්සිමීටරයක් වෙළඳපොල තුළ රුපියල් 3,000 කට අඩු මිලකට අලෙවි වුවද එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 5,418 ක් ලෙසයි.

මේ වනවිට රුපියල් 2,700 කට අලෙවි වන රුධිර ග්ලූකෝස් මාපකයක් රුපියල් 6,200 ක් දක්වා ඉහළ නංවා තිබෙනවා.

රුපියල් 80 කට අලෙවි වූ රුධිර ග්ලූකෝස් මාපක සඳහා භාවිත කරන තීරුවක නව මිල වන්නේ රුපියල් 112 යි ශත 24 ක්.

ලෝහමය ස්ටෙන්ට් රුපියල් 54,036 ක් දක්වා වැඩිකර ඇති අතර, ඖෂධ මුදාහැරීම සඳහා භාවිත කරන ස්ටෙන්ට් වර්ගවල මිල රුපියල් දෙලක්ෂ 36,224 යි ශත 80 ක් දක්වා ඉහළ නංවා තිබෙනවා.

අප කළ විමසීමකදී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ රුපියලට සාපේක්ෂව ඩොලරය ඉහළ යාම සළකා මෙම මිල වැඩි කිරීම ලබාදුන් බවයි.

මේ අතර සියයට 12 ක්ව පැවති වැට් බද්ද සියයට 15 දක්වා ඉහළ නැංවීමත් සමඟ බීර බෝතලයක මිල රුපියල් 30 කින් ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා. එසේම ඇතැම් මත්පැන් වර්ගවල මිල ද මේ වනවිට ඉහළ ගොස් ඇත්තේ වැට් බදු සංශෝධනයත් සමඟයි. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top