සිව් නිවුන් දරු උපතක් - බිළිදකු හා බිළිදියන් තිදෙනකු (Video)
Friday, 02 September 2022 - 15:09 | Views - 4,291
පුත්තලම රෝහලේ දී සිවු නිවුන් දරු උපතක් සිදු වූ බව පුත්තලම රෝහල් අධ්යක්ෂ වෛද්‍ය සුමිත් ඇන්ටන් ප්‍රනාන්දු පවසනවා.
පුත්තලම පාලවිය කරඹ මුස්නියාපුරම් 24 හැවිරිදි තරුණ මවක ඇගේ ප්‍රථම දරු ප්‍රසුතියෙදීම මෙසේ සිව් නිවුන් දරුවන් බිහි කිරීම විශේෂීත සිද්ධියක් ලෙසයි දැක්වෙන්නේ.
සිසේරියන් සැත්කමින් ඇය බිළිදකු හා බිළිදියන් තිදෙනකු මෙසේ බිහි කළ බව වැඩිදුරටත් සඳහන් වුණා.
එසේම, පුත්තලම මූලික රෝහල් ඉතිහාසය තුළ පළමු සිව් නිවුන් දරු උපතත් මෙය බවටයි සඳහන් වන්නේ.
Share This Article