හෙට අඩුවෙන වැසි අනිද්දා සිට යළි වැඩිවෙයි (Video)
Thursday, 01 September 2022 - 14:53 | Views - 441
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපා ඇති වැසි සහිත කාලගුණය යම් අඩුවිමක් හෙට දිනයේ සිදු වුවත්, යලි අනිද්දා සිට පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ඒ අනුව ඉදිරි පැය කිහිපයක තුළ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ක පමණ තද වැසි අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

මේ අතර, අද පෙරවරු 8.30 අවසන් වු ගෙවුණු පැය 24 තුළ මීලීමිටර් 247 යි දශම 1 ක වැඩිම වර්ෂාපතනය රත්නපුර දිස්කත්‍රිකයෙන් වාර්තා වනවා.

එම නිසා, කළු ගඟේ අතු ගංගාවක් වන කුඩා ගඟ පිටාර ගැලිම නිසා රත්නපුර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල සහ පාලින්ද නුවරට සුළු ගංවතුර තත්ත්වයක් හට ගෙන තිබෙනවා.

තවදුරටත් කඵ ගඟේ ඉහළ ජල පෝෂක ප්‍රදේශ වලට වැසි ඇති වන බැවින් පහත් බිම්වල සිටින ජනතාව ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසටයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

එසේම, ගිංගඟේ ජල මට්ටම ද ඉහළ යාම නිසා ගාල්ල - බද්දේගම ප්‍රදේශයේ පහත් බිම් සහ මාපලගම - පිටිගල ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යට වි තිබෙනවා.

මහවැලි, කැළණි, නිල්වලා යන ගංඟා වල ඉහළ ජල පෝෂක ප්‍රදේශ වලට අද දිනයේ අඛණ්ඩව වැසි ඇති වුවහොත් එම ගංගා වලද ජල මට්ටම් ඉහළ යා හැකියි.

එමෙන්ම, කුකුලේ ගග ජලාශයේ වාන් දොරටු 2 ක් , දැදුරු ඔයේ වාන් දොරටු 4 ක්, සහ ලක්ෂපානේ වාන් දොරටු 3 ක් සහ පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 3 ක් විවෘත කර ඇති බැවින් එම ජලාශ අවට පහත් බිමි වල සිටින ජනතාව සැලකිල්ලෙන් පසු විය යුතු බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ආපදා සහ ජල කළමණාකරණ අංශයේ අධ්‍යක්ෂ එස්.පී.සී. සුගීෂ්වර සඳහන් කළේ.
 
ජල විදුලිබලාගාර ආශ්‍රිත ජලාශ වලට ද සැලකියයුතු වර්ෂාපතනයක් ලැබෙන බවයි ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළේ. 




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top