IMF වෙතින් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9ක්
Thursday, 01 September 2022 - 10:51 | Views - 312
ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර කාර්යය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මීට සුළු වේලාවකට පෙර නිල වශයෙන් නිවේදනය කළා.
ඒ අනුව, ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ අරමුදල් පහසුකම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉදිරියේ දී ලැබෙන බව එම නිවේදනය සඳහන්.
එම පහසුකම මාස 48ක් සඳහා ක්‍රියාත්මක බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ.
Share This Article