විදෙස්ගත ශ්‍රමිකයින්ට විද්‍යුත් වාහනයක් - නවතම චක්‍රලේඛය මෙන්න (Photos)
Thursday, 01 September 2022 - 10:46 | Views - 670
විදෙස්ගත ශ්‍රමිකයින්ට විද්‍යුත් වාහනයක් හෝ යතුරු පැදියක් ආනයනය කිරීමට ඉඩ සලසන චක්‍රලේඛය කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යංශය මඟින් ඊයේ නිකුත් කිරීමට කටයුතු කර තිබෙනවා.නීත්‍යනුකූල සහ විධිමත් ලෙස බැංකු ක්‍රමය හරහා මුදල් එවීම දිරිගැන්වීම සඳහා විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙලෙස වාහන ආයනයන කිරීමට ඉඩ සලසා දීමටයි මිට පෙර රජය තීරණය කර තිබුණේ. ඒ අනුව, මැයි මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා මෙරටට මුදල් එවූ ශ්‍රමිකයින් හට මෙම වාහන ආනයනය කිරීමේ අවස්ථාව හිමි වන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානයක්කාර වැඩිදුරටත් සඳහන් කළා. කෙසේ වෙතත්, විද්‍යුත් වාහන ආනයන කිරීමට බලපත්‍ර ලබා දීමට අදාළ සීමා, කොන්දේසි සහ සම්පූර්ණ කළ යුතු නිර්ණායක ද රජය විසින් චක්‍රලේඛයේ සඳහන් කර තිබෙනවා.




Share This Article