වැඩි මිල බිත්තර හතරට - දඩය ලක්ෂ පහයි
Wednesday, 31 August 2022 - 14:30 | Views - 1,350

බිත්තර සදහා නියම කර ඇති මිලට වඩා වැඩි මිලකට බිත්තර අලෙවි කල බලන්ගොඩ නගරයේ ව්‍යාපාරික ස්ථානයකට රුපියල් ලක්ෂ පහක දඩ මුදලක් ගෙවන ලෙස බලන්ගොඩ වැඩබලන මහේස්ත්‍රාත් ඒ. එමි . එස්. මැණිකේ නියෝග කර තිබෙනවා.

ඒ සුදු බිත්තර 4 ක් රැපියල් 260 ක මිලකට අලෙවි කිරීමේ චෝදනාවට වැරදි කරුවු වෙළෙඳ ආයතනය කටයි.

උපාය දුතයකු මගින් අදාල වෙළෙඳසලින් බිත්තර මිල දී ගත් බවත් එක් බිත්තරක් රැපියල් 65 බැගින් බිත්තර හතරක් සදහා රුපියල් 260 ක මුදලක් අයකර ගෙන ඇති බවත් මෙහිදී පාරිභෝගික අධිකාරිය විසින් දන්වා තිබෙනවා.

එසේ හෙයින් , වැඩි මිලට බිත්තර විකිණීම යන චෝදනා යටතේ ඉදිරිපත් කළ නඩුව සඳහා වරද පිළිගත් අදාල ආයතනය වෙත බලන්ගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් ඒ.එමි.එස්. මැණිකේ විසින් එම ලක්ෂ පහක දඩ මුදල මෙලෙස නියම කර තිබෙන බවටයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

 

 උපුටා ගැනීම - ලංකාදීප 

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top