සරසවියට යන්න - ONLINE අයදුම් කළ යුතු දිනය
Wednesday, 31 August 2022 - 11:41 | Views - 816
2021 - 2022 අධ්‍යයන වර්ෂයේ විශ්වවිද්‍යාල ප්‍රවේශයන්ට අයදුම්පත කැඳවීම සැප්තැම්බර් මස 05 වනදා සිට ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව පවසනවා.
සුදුසුකම් ලත් අයදුම්කරුවන්ට සිය අයදුම්පත් ලබන මස 23 වනදා දක්වා ඉදිරිපත් කළ හැකි බවයි එම කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග සඳහන් කළේ,
කෙසේ වෙතත්, එහිදී ජාතික හැදුනුම්පත අනිවාර්යය බවද සඳහන් වුණා.
එසේම, මර්ගාගත ක්‍රමය ඔස්සේ අයඳුම්පත් සම්පුර්ණ කිරීමේදී ,විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් ලබා දී ඇති මාර්ගෝපදේශ නිවැරදිව සැලකිල්ලට ගත යුතු බවද වැඩිදුරටත් සඳහන් වුණා.
Share This Article