නාඳුනන මළසිරුර - දුම්රිය තුනක් නවතයි
Wednesday, 31 August 2022 - 11:20 | Views - 569
උඩරට දුම්රිය මාර්ගයේ කිතල් ඇල්ල සහ හීල්ඔය දුම්රිය ස්ථාන අතර කිලෝ මීටර් 166 කනුවට නුදුරින් දුම්රිය මාර්ගයේ තිබූ පුද්ගල මළ සිරුරක් නිසා දුම්රිය 3 ක් අතරමග නැවතී තිබෙනවා.
බදුල්ල සිට කොළඹ කොටුව බලා අද අළුයම 5.55 ට පිටත්වූ උඩරට මැණිකේ දුම්රිය ඇල්ල දුම්රිය ස්ථානයේද , කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වෙමින් තිබු තැපැල් දුම්රිය දෙකක් බණ්ඩාරවෙල සහ හපුතලේද නතර කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා සිටියා.
ඒ මෘත දේහය ඉවත් කිරීම සදහා හදිසි මරණ පරික්ෂකවරයකු පැමිණෙන තුරු බවටයි වැඩිදුරටත් සඳහන් වුණේ.
කෙසේ වුවත්, මේ හේතුවෙන් දුම්රිය ධාවනයේ යම් ප්රමාදයක් සිදු වූ බවද සඳහන්.
Share This Article