රුපියල් ලක්ෂය තිස්දාහට අඩුවුණේ කොහොමද ? හර්ෂ ද සිල්වා
Wednesday, 31 August 2022 - 10:57 | Views - 605
2021 වසරේ අගෝස්තු සිට 2022 අගෝස්තු දක්වා යමෙක් ඉතිර කර තිබූ රුපියල් ලක්ෂයක මුදල, රුපියල් තිස් දහස දක්වා පහත වැටී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ අද(31) පැවැත්වෙන 2022 අතුරු අයවැය දෙවන වර කියවීමේ විවාදයට එක් වෙමින්.

එහි දී ඔහු වැඩිදුරටත් කියා සිටියේ, "ජනතාවගේ සමස්ත ඉතිරි කිරීම්වලින් 70%ක් රාජපක්ෂලා විසින් හොරකම් කරලා කිව්වොත් වැරදි නෑ. අපේ රට අද තියෙන්නෙ මර උගුලක් ළඟ, බිත්තියට හේත්තු වෙලා, බෙල්ල හිරවෙලා, මේ රටේ මිනිස්සුන්ට ඉවසන්න ම බැරි නිසයි අරගලය කළේ" යනුවෙන්.

තව ද, "බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිකමෙන් එළවලා දැමුවා. මහින්ද රාජපක්ෂ අගමැති ධුරයෙන් ඉල්ලා අස් වුණා, ගෝඨාභය රාජපක්ෂ එළවලා දැම්මා. කණගාටුයි නමුත් ඒක සිද්ධ වුණා. පොහොට්ටුවයි රාජපක්ෂලයි රට විනාශ කළා. ඒක කියන්න මිනිස්සු බය නෑ!" යනුවෙන් ද ඔහු කියා සිටියා. 

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top