දිස්ත්රික්ක හතරකට නාය යාමේ අවදානම්
Wednesday, 31 August 2022 - 10:16 | Views - 750
පවතින තද වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්රික්ක හතරක නාය යාමේ අවදානමක් මතුව ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.
කළුතර, මහනුවර, මාතලේ සහ රත්නපුර යන දිස්ත්රික්කයන්හි මෙම නායයෑමේ අවදානම මතුව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ වැඩිදුරටත් සඳහන් කළා.
එම දිස්ත්රික්කවල කඳුකර හා බෑවුම් ප්රදේශයන්හි ජීවත්වන ජනතාව නායයෑම් ලක්ෂණ සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටින්න යැයිද ඔවුහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.
Share This Article