ආණ්ඩු පක්ෂයේ ප්‍රබලයින් 13ක් විපක්ෂයේ අසුන් ගනියි (Live)
Wednesday, 31 August 2022 - 9:47 | Views - 934

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් වන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දොළොස් දෙනෙකු විපක්ෂයේ අසුන් ගැනීමට නියමිතයි.
ඒ අනුව පොදු ජන පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්‍ය ජී.එල් පීරිස්, ඩලස් අලහප්පෙරුම, මහාචාර්‍ය චන්න ජයසුමන, මහාචාර්‍ය චරිත හේරත්, ආචාර්‍ය නාලක ගොඩහේවා, ආචාර්‍ය ගුණපාල රත්නසේකර, වෛද්‍ය උපුල් ගලප්පත්ති, වෛද්‍ය තිලක් රාජපක්ෂ, ඩිලාන් පෙරේරා, උදයන කිරිඳිගොඩ, වසන්ත යාපා බණ්ඩාර, කේ.පී.එස් කුමාරසිරි යන මන්ත්‍රීවරුන් දොළොස් දෙනා විපක්ෂයේ අසුන් ගැනීමට නියමිතයි.
UPDATE....,
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දහතුන් දෙනෙකු විපක්ෂයේ අසුන් ගැනීම සිදුවුණා.
ඒ අනුව පොදු ජන පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්‍ය ජී.එල් පීරිස්, ඩලස් අලහප්පෙරුම, මහාචාර්‍ය චන්න ජයසුමන, මහාචාර්‍ය චරිත හේරත්, ආචාර්‍ය නාලක ගොඩහේවා, ආචාර්‍ය ගුණපාල රත්නසේකර, වෛද්‍ය උපුල් ගලප්පත්ති, වෛද්‍ය තිලක් රාජපක්ෂ, ඩිලාන් පෙරේරා, උදයන කිරිඳිගොඩ, වසන්ත යාපා බණ්ඩාර, කේ.පී.එස් කුමාරසිරි,ලලිත් එල්ලාවල යන මන්ත්‍රීවරුන් දහතුන් දෙනා විපක්ෂයේ අසුන් ගැනීම සිදුවුණා.
අද පාර්ලිමේන්තුවේ දී 2022 අතුරු අයවැය දෙවනවර කියවීමේ විවාදය ...,
Share This Article