2022 අතුරු අයවැය විවාදය අද
Wednesday, 31 August 2022 - 9:03 | Views - 369
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ (30) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතුරු අයවැය සම්බන්ධයෙන් වන විවාදය අද (31) පාර්ලිමේන්තුවේදී ආරම්භ වනවා. ඒ, පෙරවරු 9.30 ටයි.
විවාදය අද දිනයේ මෙන් ම හෙට සහ අනිද්දාත් පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.
මේ අතර වැට් බදු සියයට 15 දක්වා ඉහළ ගියද රෝහල්වල රසායනික සේවා ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් තවමත් තීරණයක් ගෙන නොමැති බව පෞද්ගලික රෝහල් සේවා සංගමය පවසනවා.
එහි සභාපති ආනන්ද කුරුප්පු ආරච්චි හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී මේ බව කියා සිටියා.
Share This Article