අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරෙයි
Wednesday, 31 August 2022 - 8:04 | Views - 799
භාණ්ඩ වර්ග 48ක් සඳහා නිෂ්පාදනය, ආනයනය සහ අලෙවියට අදාළ කොන්දේසි කිහිපයක් පනවමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි සදහන් වන්නේ මෙම කොන්දේසිවලට යටත්ව නිෂ්පාදකයන් සහ අලෙවි කරන්නන් කටයුතු කළ යුතු බවයි.
පාරිභෝගිකයකු හෝ යම් තැනැත්තකු විසින් ඉල්ලුම් කළ භාණ්ඩ නො පමාව සැපයීම සිදුකළ යුතු බව මෙම ගැසට් නිවේදනයේ සදහන්.
එමෙන් ම භාණ්ඩ නිෂ්පාදනය කරන්නන් හට අමුද්‍රව්‍ය ගැටලුවක් හෝ වෙනත් සාධාරණ නිෂ්පාදනයේ ගැටලුවක් නො මැතිනම් නිෂ්පාදනයේ උපරිම ධාරිතාවක් පවත්වාගත යුතු වෙනවා.
එමෙන් ම පාරිභෝගිකයන් වෙත මුද්‍රිත හෝ ඉලෙක්ට්‍රොනික කුවිතාන්සයක් ලබා දිය යුතු අතර එම කුවිතාන්සයේ පිටපතක් අලෙවි කරන්නා සතුව පවත්වාගත යුතු බව පාරිභෝගික අධිකාරිය නිකුත් කළ මෙම ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සදහන්.
Share This Article