වායුගෝලයේ කැළඹිලි ස්භාවයක් - තවදුරටත් වැසි
Tuesday, 30 August 2022 - 13:19 | Views - 165
දිවයිනට ගිනිකොණ දෙසින් පහල වායුගෝලයේ වර්ධනය වන කැළඹිලි සහගත තත්ත්වය හේතුවෙන් අද සිට දින 3 ක් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරුවේ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ හේතුවෙන් ප්‍රදේශ රැසකට අද දිනයේදී මිලිමීටර් 100 ඉක්මවූ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂිකා ආචාර්ය ශිරෝමණී ජයවර්ධන කියා සිටියේ.

මේ අතර, පාකිස්තානයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග ඇති වූ ගංවතුර හේතුවෙන් මියගිය සංඛ්‍යාව 1136 දක්වා ඉහළගොස් තිබෙනවා.

ගෙවුනු පැය 24 තුළ දී පමණක් පුද්ගලයින් 75 දෙනෙකු ගංවතුර හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ වනවිට පාකිස්තාන භූමියේ තුනෙන් එකක්ම ගංවතුරෙන් යටවී ඇති අතර, මිලියන 33 ක් එනම් එරට ජනගහනයෙන් සියයට 15 ක් මේ හේතුවෙන් පීඩාවට පත්ව ඇති බවයි එරට ආපදා කලමනාකරණ අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ.

දරුණු ගංවතුරකට පාකිස්ථානය මුහුණදෙන ප්‍රථම අවස්ථාව මෙය වන අතර, ඉන් සිදුව ඇති පාඩුව ඇමෙරිකානු ඩොලර් බිලියන 10 ක්.

කාලගුණ විපර්යාසය හේතුවෙන් මුහුණදී ඇති ආර්ථිකමය තත්ත්වයට සහය දක්වන ලෙසට පාකිස්ථානය රජය රටවලින් ඉල්ලීමක් ද කර තිබෙනවා. 

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top