සරසවි වරම් ලැබූ දරුවන්ට නිවේදනයක්
Tuesday, 30 August 2022 - 12:51 | Views - 404
2021 අපොස උසස් පෙළ විභාගයේ ප්‍රථිපල මත රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා බඳවා ගැනීමට යෝජිත ශිෂ්‍ය සංඛ්‍යාවන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, මහාචාර්ය සම්පත් අමරතුංග විසින් අද (30) ප්‍රකාශ කළා.
ඒ අනුව වෛද්‍ය පීඨ සඳහා 2,035ක් සහ ඉංජිනේරු පීඨය සඳහා 2,238ක් වශයෙන් 2021 අ.පො.ස. උසස් පෙළ විභාග ප්‍රතිපල මත විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීමට නියමිතයි.
කෙසේ වෙතත්, මෙවර විශ්වවිද්‍යාල සඳහා අයදුම්පත් යොමුකිරීම මාර්ගගත ක්‍රමය ඔස්සේ (Online) සිදුකළ යුතු බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.
ඒ සඳහා ජාතික හැඳුනුම්පත අනිවාර්ය බව ද සඳහන් වුණා.
මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් සම්පූර්ණ කිරීමේ දී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් ලබා දී ඇති මාර්ගෝපදේශ නිවැරදිව සැලකිල්ලට ගත යුතු බව ද එම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළා.
Share This Article