තුනෙන් එකක් ජලයෙන් යට වූ පාකිස්ථානය
Tuesday, 30 August 2022 - 11:48 | Views - 600
පාකිස්තානයට ඇදහැලුනු අධික වර්ෂාවත් සමග ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 1136 දක්වා ඉහළගොස් තිබෙනවා.
ගෙවුනු පැය 24 තුලදී පමණක් පුද්ගලයින් 75 දෙනෙකු ගංවතුර හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ.
මේ වනවිට පාකිස්තානයේ තුනෙන් එකක් ම ගංවතුරෙන් යටවී ඇති බවටද එම මාධ්‍ය වාර්තා පවසනවා.
එමෙන් ම මේ හේතුවෙන් පුද්ගලයින් මිලියන 33කට වැඩි පිරිසක් අවතැන් වී සිටින බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සදහන් කළේ.
Share This Article