දිගු කාලීන කොවිඩ් තත්ත්වයක් අනතුරු ඇඟවීම මෙන්න
Monday, 29 August 2022 - 13:45 | Views - 722
COVID-19 රෝග ලක්ෂණ ප්‍රදර්ශනය කිරීමෙන් මාස තුනකට පසුව ඇතිවන දිගු කොවිඩ් තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීමක් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර විසින් ට්විටර් පණිවිඩයක් හරහා සිදු කළා.

එහි දී වෛද්‍ය ජීවන්දර වැඩිදුරටත් කියා සිටියේ, ලොව පුරා විශාල පිරිසක් මේ වන විට දීර්ඝ කොවිඩ් රෝගයෙන් පෙළෙන බවයි.

එයින් බහුතරයක් වයස අවුරුදු 30 ත් 50 ත් අතර වැඩිහිටියන් බව ප්‍රකාශ කරන ඔහු වැඩි දුරටත් කියා සිටින්නේ, කෙසේ වෙතත් ළමුන් අඩු අවදානම් සහිත බව සොයාගෙන ඇති බවයි.

දිගු COVID හටගන්නේ SARS CoV-2 ආසාදනය විය හැකි හෝ තහවුරු වූ ඉතිහාසයක් ඇති පුද්ගලයන් තුළ සාමාන්‍ය COVID-19 රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමෙන් මාස තුනකට පසුව වන බවත් දිගු කොවිඩ් තත්ත්වය මාස දෙකක්වත් පවතින බවත් වෛද්‍යවරයා පෙන්වා දෙනවා.

ඒ අනුව මෙම දිගු කොවිඩ් තත්ත්වයේ රෝග ලක්ෂණ ලෙස තෙහෙට්ටුව, ව්‍යායාම නොඉවසීම, හුස්ම ගැනීමේ අපහසුතාව, මාංශ පේශි වේදනාව සහ දුර්වලතාවය, පපුවේ වේදනාව, හිසරදය සහ හෘද ස්පන්දන වේගය වේගවත් වීම දැක්විය හැකි බවයි වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ.

කොවිඩ් එන්නත් මගින් මෙම දිගු කොවිඩ් රෝගය තත්ත්වය වැළඳීමේ සම්භාවිතාව අවම කර ගැනීමට හැකි බවයි වෛද්‍යවරයා සඳහන් කරන්නේ.

තව ද මෙරට COVID-19 එන්නත අවම වශයෙන් එක් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇත්තේ මිලියන 17 ක ජනතාවක් පමණක් බවත්, කොවිඩ් එන්නත ලබා නො ගත් මහජනතාවගෙන් Covid එන්නත් ලබා ගන්නා ලෙසත් වෛද්‍යවරයා ඉල්ලා සිටිනවා.

මේ අතර මෙරට මිලියන අටකට වැඩි පිරිසක් පළමු බූස්ටර් එන්නත් ලබාගෙන ඇති අතර, දෙවන බූස්ටර් එන්නත ලබාගෙන ඇත්තේ පුද්ගලයින් 137,000 ක් පමණ‍යි. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top