කෝට්ටේ කෑම කඩවල නොමිලේ දෙන බළල් අසූචි (Video & Photos)
Monday, 29 August 2022 - 8:49 | Views - 3,309
මේ දිනවල ප්‍රමිතියන් තොර ආහාර පාන සම්බන්ධයෙන් විවිධ කතා පුවත් ප්‍රධාන මාධ්‍යවල්ද සමාජ ජාලාවලද සැරිසරනවා. සැකසූ ආහාරවල ප්‍රමිතිය හීන කර වැඩි මිලකට පාරිභෝගිකයාට ලබාදෙනවාට අමතරව මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කරන පුවත් මේ දිනවල වාර්ථා වෙනවා. එවැනි පුවතක් අපට කෝට්ටේ ප්‍රදේශයෙන් වාර්ථා වෙනවා.

බළල් අසූචි සහිතව මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කරමින් පවත්වාගෙන ගිය වෙළඳසල් තිහක් වටලා අට දෙනකුට නඩු පැවරීමට ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභා සෞඛ්‍ය අංශය ඊයේ (28) පියවර ගෙන තියෙනවා. නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය මනෝජ් රොද්‍රිගෝ මහතාගේ මෙහෙයවීමෙන් ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කිරීමේ අරමුණින් මෙම වැටලීම් සිදු කළ කර තිබෙනවා.

ඇතැම් වෙළෙඳසල්වල පිසූ ආහාර සමඟ මස් මාළු ශීතකරණවල ගබඩා කිරීම, මැසි මදුරුවන්ට ආහාර නිරාවරණය කිරීම වැනි තත්ත්වයන් එහිදී දක්නට ලැබුනා.

රාජගිරිය ප්‍රසිද්ධ ආහාර අලෙවිසලක බළල් අසූචි මුළුතැන්ගේ තුළ තිබෙනු සෞඛ්‍ය අංශයේ නිරීක්ෂනයට ලක්වීමෙන් පසු එම අවන්හලට එරෙහිව නඩු පැවරීමට නිලධාරීන්ට පියවර ගනු ලැබුවා.

1980 අංක 26 දරන ආහාර පනත 32 වගන්ති ප්‍රකාරව සාදන ලද 2011 ආහාර ස්වස්තථා නියෝග කඩ කිරීම යටතේ මෙම සැකකරුවන් අටදෙනා කොළඹ අලුත් කඩේ (5) සහ ගංගොඩවිල අධිකරණයන්ට ඉදිරිපත් කිරීමට සෞඛ්‍ය අංශය පියවර ගෙන තියෙනවා.

වරදේ ස්වභාවය අනුව එක් එක් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කොට රුපියල් පන්දහ, දහදාහ, පහළොස්දහ වන පරිදි රුපියල් 82,500 දඩ මුදලකට වෙන් වෙන් වශයෙන් ඔවුන්ව යටත් කළ බව නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය මනෝජ් රොද්‍රිගෝ මහතා කීවේය.

දිනමිණ




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top