හිඟයකින් තොරව බිත්තර වෙළෙඳපොළට
Monday, 29 August 2022 - 7:32 | Views - 641
බිත්තර සදහා පනවා ඇති පාලන මිල සංශෝධනය ඉදිරි සති දෙක ඇතුළත සිදු කිරීමට නියමිත බව වෙළෙද වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

සුපිරි වෙළෙඳ ජාලවල අලෙවියට ඇති ඇසුරුම් කළ බිත්තර සදහා දැනට පනවා ඇති පාලන මිලෙන් අසාධාරණයක් සිදුවන බැවින් ඇසුරුම්කරණයට වැය වන මුදල ද ඇතුළත් කර නව පාලන මිලක් නියම කිරීමටයි එම අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ.

ඒ අනුව ඇසුරුම් කළ සුදු හා රතු හෝ දුඹුරු බිත්තර සදහා වෙන් වෙන් වශයෙන් පාලන මිල නියම කිරීමට නියමිතයි.

එහිදී ඇසුරුම්කරණයට අදාළ නිර්නායක පිළිබඳ ව මේ වනවිට පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය හරහා අවශ්‍ය සලකා බැලීම් සිදු කරමින් පවතින බව වෙළෙද වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය සදහන් කළා.

කෙසේ වෙතත් සුදු හා රතු හෝ දුඹුරු බිත්තර සදහා වෙන් වෙන්ව රුපියල් 50ක් දක්වා ඉහළ දැමීමට වෙළෙද අමාත්‍ය නලින් ප්‍රනාන්දු එකඟ වූ බවයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පසුගියදා අමාත්‍යවරයා සමග පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව සදහන් කළේ.

සුදු බිත්තරයක උපරිම මිල රුපියල් 43ක් ලෙසත් රතු හෝ දුඹුරු බිත්තරයක උපරිම මිල රුපියල් 45ක් ලෙසත් පාරිභෝගික කටයුතු අධිකාරිය පසුගියදා පාලන මිලක් නියම කළා.

ඊට බිත්තර නිෂ්පාදකයින්ගෙන් දැඩි විරෝධයක් එල්ල වූ අතර මේ වනවිට වෙළෙදපොලේ බිත්තර හිඟයක් ද පවතිනවා.

කෙසේ වෙතත් සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක කියා සිටියේ අද (29) සිට හිගයකින් තොරව වෙලෙදපොලට බිත්තර නිකුත් කරන බවයි.

ඒ රුපියල් 50ට අඩුවෙන් බිත්තර අලෙවි කිරීමට කෘෂිකර්ම හා පශු සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර සමග පෙරේදා පැවැත්වූ සාකච්ඡාවක දී එළඹි එකඟතාවක් මතයි. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top