උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට (Video)
Monday, 29 August 2022 - 7:13 | Views - 4,421
අ.පො.ස. (උසස් පෙළ) 2021 ප්‍රතිඵල ඊයේ අන්තර්ජාලයට නිකුත් කළා.
ඒ අනුව www.doenets.lk හා www.results.exams.gov.lk වෙබ් අඩවිවලට පිවිසීමෙන් සිසුන් ට ප්‍රතිඵල ලබාගත හැකියි.Department of Examinations - Sri Lankaඅයැදුම්කරුන් 272,682ක් විභාගයට පෙනී සිට ඇති අතර ඉන් 171,497 දෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශය සදහා සුදුසුකම් ලබා තිබෙනවා.එය සියයට 62.9ක් බවයි විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන සදහන් කළේ.එමෙන්ම පාසල් අයැදුම්කරුවන් 37කගේ සහ පෞද්ගලික අයැදුම්කරුවන් 12කගේ එනම් 49 දෙනෙකුගේ විභාග ප්‍රථිපල අත්හිටුවීමටද මෙවර පියවර ගෙන තිබෙනවා.යළි 2022 වසරේ උසස්පෙළ විභාගයට පෙනී සිටීමට අවශ්‍ය නම් සැප්තැම්බර් පළමුවනදා සිට 8 වනදා දක්වා මාර්ගගත ක්‍රමයට අයැදුම් කිරීමට අවස්ථාව සලසා දෙන බවද විභාග කොමසාරිස් ජනරාල් ප්‍රකාශ කළා.
Share This Article