ගත වූ වසරේ වැඩි ම ආදායම ටෙනිස් තරුව ?
Friday, 26 August 2022 - 14:46 | Views - 315

ලොව හිටපු අංක එකේ ටෙනිස් ක්‍රීඩකයෙකු වන රොජර් ෆෙඩරර් මාස 14කට ආසන්න කාලයක් කිසිදු තරගයකට ක්‍රීඩා නො කළ ද , ඔහු ගේ17 වැනි වසර සඳහා ලොව වැඩි ම වැටුප් ලබන ටෙනිස් ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවේ ඉහළින් ම තම ස්ථානය රඳවාගෙන සිටින බව ෆෝබ්ස් සඟරාව අනාවරණය කරයි.
41 හැවිරිදි වියේ පසුවන ෆෙඩරර්, ඔහුගේ දණහිසෙහි සැත්කමක් කිරීමෙන් පසු, පසුගිය වසරේ විම්බල්ඩන් තරගාවලියට පවා සහභාගී වූයේ නැහැ.
කෙසේ වෙතත්, 20 වතාවක් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරයා ලෙස කිරුළු පැලඳි ඔහු ගත වූ මාස 12ක කාලය තුළ ඇමරිකානු ඩොලර් මිලියන 90ක (S$ මිලියන 125ක්) ඇස්තමේන්තුගත ආදායමක් උපයා තිබෙන බවයි ෆෝබ්ස් සඟරාව සඳහන් කරන්නේ.
ඒ අනුව ඔහු විසින් ගෙවන ලද බදු සහ වෙනත් ගෙවීම් සමග එකතුව ව ඔහුගේ ආදායම ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 125ක් ඇස්තමේන්තුගත කොට තිබෙනවා.
මෙම ලැයිස්තුවේ දෙවන තැනට පත්ව සිටින්නේ, ජපානයේ නයෝමි ඔසාකා වන අතර ඇය පසුගිය වසරේ ඇමෙරිකානු ඩොලර් මිලියන 56.2ක් උපයා තිබෙනවා.
24 හැවිරිදි ඇය, සිව් වතාවක් NBA ශූර ලෙබ්‍රොන් ජේම්ස් සහ නව ක්‍රීඩා නියෝජිතායතනයක් සමඟ හවුලේ නව මාධ්‍ය සමාගමක් ද පසුගිය ජුනි මාසයේ දී ආරම්භ කොට තිබෙනවා.
ඒ අනුව නයෝමි ඉහළම වැටුප් ලබන කාන්තා ටෙනිස් ක්‍රීඩිකාවයි.
මේ අතර 23 වතාවක් ග්‍රෑන්ඩ් ස්ලෑම් ජයග්‍රාහකයා වූ සෙරීනා විලියම්ස් ලබන සතියේ ආරම්භ වන එක්සත් ජනපද විවෘත ටෙනිස් තරඟාවලියෙන් පසු විශ්‍රාම යාමට නියමිත බව වාර්තා වනවා.
විලියම්ස් මේ වසරේ ඇමරිකානු ඩොලර් මිලියන 35.1ක් උපයා ඇති අතර, හිටපු අංක එකේ ටෙනිස් ක්‍රීඩක (පිරිමි) රෆායල් නඩාල් (ඇමරිකානු ඩොලර් මිලියන 31.4) සහ නොවැක් ජොකොවික්ව (ඇමරිකානු ඩොලර් මිලියන 27.1) අභිබවා තිබෙනවා.
තව ද පසුගිය වසරේ එක්සත් ජනපද විවෘත ටෙනිස් තරගාවලියේ ශූරීය වූ එමා රඩුකානු පළමුවරට ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවට සුදුසුකම් ලැබීමෙන් පසුව මෙම ලැයිස්තුවට ඇතුළත් වී ඇති බව එම සඟරාව වාර්තා කරනවා.
ඇමෙරිකානු ඩොලර් මිලියන 21.1ක් සමඟ ලැයිස්තුවේ හයවැනි ස්ථානයේ පසුවන්නේ බ්‍රිතාන්‍ය තරුණ ක්‍රීඩකයෙක් වන ඩැනියෙල් මෙද්විඩෙව් ඇමෙරිකානු ඩොලර් මිලියන 19.3ක් සමඟින් හත්වැනි ස්ථානයේ සිටී.
මෙම ලැයිස්තුවේ කෙයි නිශිකෝරි (Kei Nishikori) අමෙරිකානු ඩොලර් මිලියන 13.2ක් උපයමින් මෙම ලැයිස්තුවේ අටවන ස්ථානයේ පසුවන අතර වීනස් විලියම්ස් (Venus Williams) අමෙරිකානු ඩොලර් මිලියන 12ක් උපයමින් මෙම ලැයිස්තුවේ නව වැනි ස්ථානයේ පසු වෙයි.
මෙම ලැය්ස්තුවේ දහ වැනි ස්ථානයේ පසුවන්නේ ස්පාඤ්ඤ ක්‍රීඩක කාර්ලෝස් අල්කාර්ස් (Carlos Alcaraz) වන අතර ඔහුගේ පසුගිය මාස දොළහේ ආදායම සටහන් වන්නේ අමෙරිකානු ඩොලර් මිලියන 10.9ක් උපයමින්.
Share This Article