කඳානේ වෙළෙඳසලක දී පුද්ගලයකු ජිවිතක්ෂයට
Thursday, 25 August 2022 - 11:18 | Views - 810
කඳාන - කපුවත්ත ප්රදේශයේ වෙළඳසැලකට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු සිදු කළ පහර දීමකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත් ව තිබෙනවා.
පොලීසිය ප්රකාශ කළේ, මියගිය පුද්ගලයාගේ දියණිය පවත්වාගෙන යන වෙළඳසැලට සැකකරු, ආහාර මිල දී ගැනීමට පැමිණි අවස්ථාවේ ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙම පහර දීම සිදු ව ඇති බව යි.
යතුරුපැදි හිස්වැසුමෙන් පහර දීම සිදුකළ, 33 හැවිරිදි රාගම ප්රදේශයේ පදිංචි සැකකරු කඳාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Share This Article