විදුලි යතුරුපැදි හා පාපැදි බලපත්‍ර යටතේ ආනයනයට අවසර
Thursday, 25 August 2022 - 9:08 | Views - 7,815
විදුලි යතුරුපැදි හා පාපැදි, බලපත්‍ර යටතේ ආනයනය කිරීමට අවසර ලබාදෙමින් මුදල් අමාත්‍යවරයා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය (23) දා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම අවසරය ලබා දී තිබෙනවා.

ඒ අනුව විදුලි යතුරුපැදි ගෙන්වීමේදී රුපියල් 4000 ක් හා පාපැදියකට රුපියල් 1000 ක් ලෙස බලපත්‍ර ගාස්තුවක් අයකිරීමට යෝජිතයි.

මේ අතර, ඉදිකිරීම් කර්මාන්තයට අවශ්‍ය වාහන, කළුගල් ඇතුළු ඉදිකිරීම් අමුද්‍රව්‍ය රැසක්ද කොන්දේසි සහිතව ආනයනය කිරීමට අවස්ථාව ලබා දී තිබෙනවා.

එසේ ආනයනය කළ හැක්කේ ආයෝජන මණ්ඩලයට යටතට නොගැනෙන අනුමත සහාධිපත්‍ය නිවාස ව්‍යාපෘති, මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති හා රජයේ ව්‍යාපෘති සඳහායි.

අදාළ ආනයන සිදුකිරීමේදී ව්‍යාපෘති වාර්තාවල නිච්චිතව දක්වා ඇති වාහන හා අමුද්‍රව්‍ය ප්‍රමාණයන් දින 180ක ණයවර ලිපි යටතේ, ආනයන අපනයන පාලක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් හා මුදල් ඇමතිවරයාගේ අවසරය ගැනීම වැනි කොන්දේසි ඇතුළත් වනවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top