අඩුකළ බිත්තර මිලෙහි වෙනසක් නැහැ - වෙළෙඳ ඇමති
Thursday, 25 August 2022 - 8:40 | Views - 393
බිත්තරවලට උපරිම සිල්ලර මිලක් පනවමින් නිකුත් කළ ගැසට් නිවේදනයේ කිසිදු වෙනසක් සිදු නො කරන බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා.

බිත්තරයක් රුපියල් පනහකට අලෙවි කිරීමට අමාත්‍යවරයා අවසර ලබාදුන් බවට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය ඊයේ (24) සිදු කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය ඇතුළු සංගම් කිහිපයක් සහ වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු අතර සාකච්ඡාවක් වෙළඳ අමාත්‍යාංශයේදී ඊයේ පැවැත්වුණා.

එම සාකච්ඡාවෙන් අනතුරුව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සමලේකම් දුමිෂ්ක සුබසිංහ කියා සිටියේ, රුපියල් 50කට බිත්තරයක් අලෙවි කිරීමට වෙළෙඳ අමාත්‍යවරයා අවසර ලබාදුන් බව යි.

මේ අතර, තවමත් බිත්තර මිලෙහි වෙනසක් සිදු වී නොමැති බවට පාරිභෝගිකයන් චෝදනා කරනවා.

කෙසේ වෙතත්, තමන් මේ වන විට රජය මගින් නියම කළ උපරිම සිල්ලර මිලට ම බිත්තර අලෙවි කරන බව ප්‍රදේශ කිහිපයක වෙළඳුන් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top