බිත්තර වැඩි මිලට වික්කොත් - මාස හයක සිර දඬුවම්
Wednesday, 24 August 2022 - 11:37 | Views - 582
රජය බිත්තර සඳහා පනවා ඇති උපරිම පාලන මිල ඉක්මවා බිත්තර අලෙවි කරන වෙළඳුන්ට මාස හයක සිර දඬුවමක් හෝ රුපියල් ලක්ෂ 50 ක උපරිම දඩයක් නියම කෙරෙන බව පාරිභෝගික අධිකාරිය පවසනවා.
එලෙස බිත්තර අලෙවි කරන සමාගමකට රුපියල් ලක්ෂ පහේ සිට රුපියල් ලක්ෂ 50 දක්වා උපරිම දඩයක් හිමිවන අතර, වෙළඳසැලකට රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ පහ දක්වා දඩ මුදලක් අය කෙරෙන බවයි එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර ආහාර උද්ධමනය අතින් ශ්‍රී ලංකාව ලොව පස්වන ස්ථානයට පත් වී තිබෙනවා. ලෝක බැංකුව විසින් නිකුත් කර ඇති නවතම දත්ත වාර්තාවලට අනුව එහි පළමු ස්ථානයේ සිටින්නේ ලෙබනනයයි.
සිබ්බාබ්වේ දෙවන ස්ථානයත් තුන්වන ස්ථානය වෙනිසියුලාවත් හතරවන ස්ථානයට තුර්කියත් පත්ව තිබෙනවා.
ලෝක බැංකුව විසින් මෙය ප්‍රකාශයට පත් කර ඇත්තේ පසුගිය අප්‍රේල් මාසයේ සිට ජූලි මාසය දක්වා සිදුකරන ලද සමීක්ෂණයකට අනුවයි.
කෙසේ වෙතත්, සුදු බිත්තරයක් සඳහා රුපියල් 43 ක්, රතු බිත්තරයක් සඳහා රුපියල් 45 ක, උපරිම මිලකුයි මේ වන විට රජය විසින් පනවා තිබෙන්නේ.
Share This Article