අලුත් දෙයක් නෑ - එදා වගේම පරණ බස් එක ම දුවනවා - විමල් වීරවංශ
Wednesday, 24 August 2022 - 11:20 | Views - 388
සර්ව පාක්ෂික ආණ්ඩුවක් හෝ සර්ව පාක්ෂික පාලනයක් ඇති වීමේ ඉඩකඩ මේ වන විට අව ම මට්ටමක පවතින බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසනවා.
ස්වාධීන පක්ෂ එකමුතුව ඊයේ (23) පස්වරුවේ කොළඹ දී පැවති සාකච්ඡාවකින් අනතුරුව යි ඔහු මේ අදහස් පළ කළේ.
එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ
මේ රටේ තිබෙන දේශපාලන පක්ෂවලට මේ රට වැටිල තියෙන තැන දිහා බලලා වත් එකට එකතු වෙලා මේ රට ගොඩනගන්න කැපවීමක් කරන්න තරම් පුළුල් මනසක් තියෙනවා කියලා අපිට පෙනෙන්නෙ නෑ. ජනාධිපතිවරයාටත් එහෙම උවමනාවක් සහ වැඩපිළිවෙළක් තියෙනවා කියලා පෙනෙන්නෙ නෑ. මේ නිසා සර්ව පාක්ෂික රජයක් හෝ සර්ව පාක්ෂික ආණ්ඩුවක් සෑදීමේ ඉඩකඩ ඉතා අඩුයි. මොවුන් මේ අටවගත්ත වැඩපිළිවෙළ පවත්වා ගැනීම යි කරගෙන යන්නෙ. රට පරිවර්තනයට ගෙන යා යුතු මොහොතක මේ රට තියෙන්නෙ ජනතාවගේ මනස අලුත් වෙලා ඔවුන් අලුතෙන් හිතන්න පටන් අරන් අලුතින් කල්පනා කරන්න පටන් අරන් මේක තමයි පරිවර්තනීය මොහොත වෙන්න ඕනේ. අර්බුදකාරී තත්ත්වය අර්බුදය භාවිත කරලා රට පරිවර්තනයකට ලක් කරන්න තීරණය කරනවා වෙනුවට එදා වගේම පරණ බස් එක ම අරගෙන යනවා.
Share This Article