විදේශ ගමන් බලපත්‍රය ඉක්මනින් ලබා ගැනීමට - නව කවුන්ටරයක්
Wednesday, 24 August 2022 - 10:39 | Views - 4,101

විදේශ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රමිකයින් හට කඩිනමින් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා විශේෂ කවුළුවක් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විවෘත කර තිබෙනවා.
ඒ , ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ පසුගිය සතියේ පැවති සාකච්ඡාවකින් අනතුරුව නව විශේෂ කවුළුවක් විවෘත කිරීමට විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර ලබා දුන් අනුමැතිය මටත් බවටයි සඳහන් වන්නේ.
එසේම, නියමු මෙහෙයුම්වලින් ලබාගත් දත්තවලට අනුව රැකියා සඳහා විදේශගත වීමට බලාපොරොත්තු වන සියලුම ශ්‍රී ලාංකිකයන් සඳහා කවුන්ටරය ඊයේ සිට විවෘත කර තිබෙනවා.
කෙසේ වෙතත්, විදේශ රැකියා සඳහා විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින්, නිරන්තරයෙන් කරන ඉල්ලීම් හේතුවෙන් ඔවුන් මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳව අමාත්‍යවරයා වෙත දැනුම් දීමෙන් අනතුරුව මෙම විශේෂ කවුළුව විවෘත කිරීමට කටයුතු කළ බවටයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
එමඟින්, තම මූලික ක්‍රියාවලිය අවසන් කර, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් තම රැකියාවට අදාළ ලිපිය ලබාගෙන ඇති අයදුම්කරුවන්ට විශේෂ කවුන්ටරය වෙත ලේඛන ලබා දීමෙන් අනතුරුව ඉක්මනින් තම විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීමේ හැකියාව ලැබෙනු ඇති.
Share This Article