උපාංග නොමැතිකමින් - දුම්රිය ධාවනයත් අර්බුදයක
Wednesday, 24 August 2022 - 10:01 | Views - 851
ලිහිසි තෙල් සහ දුම්රිය මැදිරි නඩත්තු කිරීමට අවශ්‍ය උපාංග නොමැතිකමින් දුම්රිය ධාවනය නිසිපරිදි සිදු කර ගැනීමට නො හැකි තත්ත්වයක් උද්ගත ව ඇති බව දුම්රිය වෘත්තිය සමිති සන්ධානය පවසනවා.
එම සන්ධානයේ කැඳවුම්කරු එස්.පී. විතානගේ සඳහන් කළේ, අලුත්වැඩියාවල දී භාවිත කරන ලිහිසි තෙල් නොමැති වීම හේතුවෙන් එන්ජින් විස්සක් පමණ ධාවනයෙන් ඉවත් කර තැබීමට සිදු ව ඇති බව යි.
Share This Article