IMF - සාකච්ඡා අද
Wednesday, 24 August 2022 - 9:31 | Views - 331
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සමඟ අද (24) පෙරවරුවේ තාක්ෂණික මට්ටමේ සාකච්ඡා ආරම්භ කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කළා.
මෙම සාකච්ඡා සදහා මහ බැංකු අධිපතිවරයා ඇතුළු එහි නිලධාරීන් මෙන්ම මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් කණ්ඩායමක්ද සහභාගිවන වනු ඇති.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් සහ එහි ශ්‍රී ලංකාව සම්බන්ධව කටයුතු කරන මෙහෙයුම් ප්‍රධානී මසයිරෝ නොසාකි එම නියෝජිත කණ්ඩායමේ නායකත්වය දරනු ලබනවා.
ඔවුන් ලබන 31 වනදා දක්වා මෙරට රැදී සිටීමට නියමිත යි.
Share This Article