ඇමති අමරවීර තෙල් සංස්ථාවේ පදිංචියට ?
Wednesday, 24 August 2022 - 9:09 | Views - 436
කෘෂිකර්මයට අවශ්‍ය ඉන්ධන ලබා දීම ඉක්මනින් කළ යුතු යැ යි කොපමණ කීවත් ඛනිජතෙල් සංස්ථාව එය වටහා නො ගැනීම නිසා ගොවීන්ට ඉන්ධන නිකුත් කරන තුරු තමන් සංස්ථාවට ගොස් නවතින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ, ගොවි නායකයින් සමඟ ඊයේ (23) කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව යි.
මේ අතර, ලබන මහ කන්නයේ දී වී වගාවට අවශ්‍ය යූරියා පොහොරවලට අමතර ව ගොවි ජනතාවගේ ඉල්ලීම පරිදි බණ්ඩි පොහොර හෙවත් මියුරේට් ඔෆ් පොටෑෂ් ලබාදීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 25ක් ලබාදීමට මුදල් අමාත්‍යාංශය එකඟතාව පළ කර ඇති බව ද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා.
Share This Article