දෙමළ ඩයස්පෝරාව - ඩොලර් සොයා දීමේ සුදානමක
Wednesday, 24 August 2022 - 9:01 | Views - 624
ආර්ථික අර්බුදය විසඳීම සඳහා අවශ්‍ය ඩොලර් ප්‍රමාණය සොයා දීමට දෙමළ ඩයස්පෝරාව සූදානම් බව පසුගිය දා මෙරට තහනම ඉවත් කෙරුණු ගෝලීය දෙමළ සංසදය පවසනවා.
ඒ සඳහා යහපාලන ආණ්ඩුව සමයේ සකස් කළ ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත කරන ලෙස යි එහි ප්‍රකාශක සුරේන් සුරන්දිරන් කියා සිටියේ.
පසුගිය රජය විසින් මෙරට ක්‍රියාකාරීත්වය තහනම් කරන ලද ගෝලීය දෙමළ සංසදය ඇතුළු සංවිධාන හයක සහ ඊට සම්බන්ධ පුද්ගලයන් 316කගේ තහනම පසුගිය දා ඉවත් කෙරුණා.
බි්රතාන්යයේ සිට හිරු ප්රවෘත්ති අංශය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ගෝලීය දෙමළ සංසදයේ ප්‍රකාශක සුරේන් සුරන්දිරන් වැඩිදුරටත් කියා සිටියේ, ලබන මාසයේ ආරම්භවන ජිනීවා මානව හිමිකම් සමුළුව ඉලක්ක කරගනිමින් මෙම තහනම ඉවත් කළ බවට විශ්වාස කරන බව යි.
Share This Article