ස්ටාලින් අදත් මෝදර පොලීසියට
Tuesday, 23 August 2022 - 15:46 | Views - 279
ජෝසෆ් ස්ටාලින් ප්රකාශයක් සටහන් කර ගැනීම සඳහා අද මෝදර පොලිසිය වෙත කැඳවා තිබෙනවා.
ඒ ඉකුත් ජුලි 13 දින ජනාධිපති ලේකම් කාර්යාලයේ රැස්වීමක් පැවැත්වීම සහ එම රැස්වීම ඇමතීම සම්බන්ධව ප්රකාශ සටහන් කර ගැනීමට බවයි සඳහන් වන්නේ,
කෙසේ වෙතත්, හෙට(24) දිනයේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුට නඩුවක් පවතින බැවින්, ඒ සඳහා අධිකරණය වෙත වාර්තා කරන ලෙසත් පොලිසිය ඔහුට දන්වා තිබෙනවා.
මේ සම්බන්ධයෙන් ගුරු සංගම් නායක ජෝසප් ස්ටාලින් වැඩිදුරටත් සඳහන් කළේ, රජයේ මර්දනකාරී ක්රියාදාමය දිගට ම පවත්වාගෙන යන බවත් මේ වන විට 3553 අත්අඩංගුවට ගෙන ඇති බවත්ය.
Share This Article