අත්‍යවශ්‍ය සේවා ලෙස හඳුනාගත් ක්ෂේත්රයක් විශේෂ කාණ්ඩයක් ලෙස නම් කර ඒ සඳහා ඉන්ධන කෝටාව වැඩි කිරීමට බලාපොරොත්තු වන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
ජාතික ඉන්ධන බලපත්‍ර සමාලෝචන රැස්වීම අද(23) විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර එහි දී එසඳහා අවධානය යොමු වූ බව විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා ට්විටර් පණිවිඩයක් මගින් ප්‍රකාශ කළා.
මේ අතර වාහන නොවන ඉන්ධන අවශ්‍යතා ලියාපදිංචි කිරීම, සංචාරක ඉන්ධන අවසර පත්‍රය යනාදී ඉන්ධන අවසර පත් ක්‍රමවේදයට අදාළ තවත් පියවර කිහිපයක් එළඹෙන සැප්තැම්බර් 1 වන සතියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බව ද අමාත්‍යවරයා එහි දී කියා සිටියා.