අධ්‍යාපන විද්‍යා පීඨ පුහුණු සිසුන්ට - ණය
Tuesday, 23 August 2022 - 14:20 | Views - 2,935
ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ මඟින් උසස් පෙළ සමතුන් සඳහා අවුරුදු දෙකක ආයතනික පුහුණුවක් ද එක් අවුරුද්දක සීමාවාසික පුහුණුවක් ද වශයෙන් ගුරු පුහුණුවක් මේ වන විටත් ලබා දෙයි.
වසරක සීමාවාසික පුහුණු කාලය තුළ නේවාසික පහසුකම් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ මඟින් සපයන්නේ නෑ.
එබැවින් නවාතැන් පහසුකම් හා ගමනාගමන පහසුකම් ශිෂ්‍යයන් ම දැරිය යුතු වනවා.
දැනට ශිෂ්‍යයන් සඳහා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ මඟින් සපයන රුපියල් 5,000ක මුදල ඒ සඳහා ප්‍රමාණවත් නො වන බව යි වාර්තා වන්නේ.
දැනට ගෙවනු ලබන රුපියල් 5,000 දීමනාවට අමතර ව මසකට උපරිම වශයෙන් තවත් රුපියල් 10,000ක මූල්‍යමය ප්රතිපාදනයක් සහන පොලී පදනම මත රාජ්‍ය බැංකුවක් මඟින් ලබා ගැනීමට හැකි වන පරිදි යි මෙම යෝජනාව ක්‍රියාත්මක වීමට නියමිත ව ඇත්තේ.
ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.
Share This Article