අධ්‍යාපන විද්‍යා පීඨ පුහුණු සිසුන්ට - ණය
Tuesday, 23 August 2022 - 14:20 | Views - 2,936
ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ මඟින් උසස් පෙළ සමතුන් සඳහා අවුරුදු දෙකක ආයතනික පුහුණුවක් ද එක් අවුරුද්දක සීමාවාසික පුහුණුවක් ද වශයෙන් ගුරු පුහුණුවක් මේ වන විටත් ලබා දෙයි.

වසරක සීමාවාසික පුහුණු කාලය තුළ නේවාසික පහසුකම් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ මඟින් සපයන්නේ නෑ.

එබැවින් නවාතැන් පහසුකම් හා ගමනාගමන පහසුකම් ශිෂ්‍යයන් ම දැරිය යුතු වනවා.

දැනට ශිෂ්‍යයන් සඳහා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ මඟින් සපයන රුපියල් 5,000ක මුදල ඒ සඳහා ප්‍රමාණවත් නො වන බව යි වාර්තා වන්නේ.

දැනට ගෙවනු ලබන රුපියල් 5,000 දීමනාවට අමතර ව මසකට උපරිම වශයෙන් තවත් රුපියල් 10,000ක මූල්‍යමය ප්‍රතිපාදනයක් සහන පොලී පදනම මත රාජ්‍ය බැංකුවක් මඟින් ලබා ගැනීමට හැකි වන පරිදි යි මෙම යෝජනාව ක්‍රියාත්මක වීමට නියමිත ව ඇත්තේ.

ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top