රාජ්‍ය ආදායම වැඩි කර ගැනීමට - 2023 අයවැ‍යෙන් සැලසුම්
Tuesday, 23 August 2022 - 12:23 | Views - 428
රාජ්‍ය ආදායම 11.3%ක් දක්වා වැඩි කර ගැනීම ඇතුළු ප්‍රධාන කරුණු හතරක් ඉලක්ක කර ගනිමින්, 2023 වසර සඳහා වන අයවැය ඇස්තමේන්තු සකස් කිරීමට අදාලව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි ව තිබෙනවා.

ඒ අනුව 2023 - 2025 මධ්‍යකාලීන අයවැය රාමුව තුළ සාක්ෂාත් කර ගැනීමට අපේක්ෂිත රාජ්‍ය මුල්‍ය ඉලක්ක මත පදනම් ව මෙම නව අයවැය සකස් කිරීමට රජය කටයුතු කිරීමට බලාපොරොත්තු වනවා.

ඒ අනුව , දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් 9%ක් වන රාජ්‍ය ආදායම 11.3%ක් දක්වා වැඩි කර ගැනීම, 18.9%ක් වන රාජ්‍ය වියදම 18.1%ක් දක්වා අඩුකර ගැනීම, ප්‍රාථමික අයවැය ශේෂය ඍණ 4% සිට ඍණ 1%ක් දක්වා අඩුකර ගැනීම සහ අයවැය පරතරය ඍණ 9.9% සිට ඍණ 6.8%ක් දක්වා අඩුකර ගැනීම යන ඉලක්කයන් සපුරා ගැනීමට අදාලවයි මෙම අයවැය සකස් කිරීමට කැබිනට් මණ්ඩලයට මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා තම යෝජනා ඉදිරිපත් කර ඇත්තේ.

ඒ අනුව 2023 වර්ෂය සඳහා වන අයවැය ඇස්තමේන්තු කටයුතු ශුන්‍ය පාදක අයවැය ක්‍රමවේදය පදනම් ව කිරීමට යි රජය බලාපොරොත්තු වනන්නේ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top