රාජ්‍ය ආදායම වැඩි කර ගැනීමට - 2023 අයවැයෙන් සැලසුම්
Tuesday, 23 August 2022 - 12:23 | Views - 429

රාජ්‍ය ආදායම 11.3%ක් දක්වා වැඩි කර ගැනීම ඇතුළු ප්‍රධාන කරුණු හතරක් ඉලක්ක කර ගනිමින්, 2023 වසර සඳහා වන අයවැය ඇස්තමේන්තු සකස් කිරීමට අදාලව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි ව තිබෙනවා.
ඒ අනුව 2023 - 2025 මධ්‍යකාලීන අයවැය රාමුව තුළ සාක්ෂාත් කර ගැනීමට අපේක්ෂිත රාජ්‍ය මුල්‍ය ඉලක්ක මත පදනම් ව මෙම නව අයවැය සකස් කිරීමට රජය කටයුතු කිරීමට බලාපොරොත්තු වනවා.
ඒ අනුව , දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් 9%ක් වන රාජ්‍ය ආදායම 11.3%ක් දක්වා වැඩි කර ගැනීම, 18.9%ක් වන රාජ්‍ය වියදම 18.1%ක් දක්වා අඩුකර ගැනීම, ප්‍රාථමික අයවැය ශේෂය ඍණ 4% සිට ඍණ 1%ක් දක්වා අඩුකර ගැනීම සහ අයවැය පරතරය ඍණ 9.9% සිට ඍණ 6.8%ක් දක්වා අඩුකර ගැනීම යන ඉලක්කයන් සපුරා ගැනීමට අදාලවයි මෙම අයවැය සකස් කිරීමට කැබිනට් මණ්ඩලයට මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා තම යෝජනා ඉදිරිපත් කර ඇත්තේ.
ඒ අනුව 2023 වර්ෂය සඳහා වන අයවැය ඇස්තමේන්තු කටයුතු ශුන්‍ය පාදක අයවැය ක්‍රමවේදය පදනම් ව කිරීමට යි රජය බලාපොරොත්තු වනන්නේ.
Share This Article