කොළඹට තවත් අලුත් බස් රථ සේවාවක්
Tuesday, 23 August 2022 - 8:36 | Views - 996
විදුලියෙන් ධාවනය වන ත්‍රිරෝද රථ හා බස් රථ මෙරටට හදුන්වාදීම සඳහා සහාය දැක්වීමට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන තීරණය කර තිබෙනවා.
ඊට අදාළ මූලික සාකච්ඡාව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සමඟ ඊයේ (22) ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූණා.
මෙරට තුළ ධාවනය කරන ලක්ෂ දහයකට වැඩි ත්‍රිරෝද රථ විදුලි බලයෙන් ධාවනය කිරීමට ආරෝපනය කිරීම තුළින් ඉන්ධන ප්‍රශ්නයට පිළියමක් මෙන්ම මගීන්ට පහසු මිලකට ප්‍රවාහනය සලසා දීම මෙහි අරමුණයි.
මෙම වසර තුළ ත්‍රිරෝද රථ 300ක් විදුලි බලයට ආරෝපනය කිරීමට හා ඒ සඳහා ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳ ද එහි දී අවධානය යොමු වී තිබෙනවා.
මේ සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන තුනක මුදලක් වෙන්කිරීමට සැලසුම් කර ඇති බව සඳහන්.
මීට අමතර ව කොළඹ නගරය තුළ විදුලියෙන් ක්‍රියාත්මක බස් රථ සේවාවක් ආරම්භ කිරීමට ද ඊයේ පැවති සාකච්ඡාවේ දී අවධානය යොමු වී තිබෙනවා.
එමෙන්ම ඛනිජ තෙල් අර්බුදය හා පරිසරයට ඇති වී තිබෙන බලපෑම් අවම කිරීම සඳහා කඩිනමින් මෙම පියවර ගැනීමට නියමිත යි.
Share This Article