තවත් කොවිඩ් මරණ හයක්
Tuesday, 23 August 2022 - 7:24 | Views - 932
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් (21) දිනයේ තහවුරු කරන ලද කොරෝනා මරණ 06ක් අද වාර්තා කර තිබෙනවා.
මියගොස් ඇති පිරිස අතර වයස අවුරුදු 30ත් 59ත් අතර පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු සහ කාන්තාවක් සිටින බව යි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.
එසේ ම මියගොස් ඇති අනෙක් තිදෙනා වයස අවුරුදු 60ට වැඩි කාන්තාවන් තිදෙනෙක්.
මේ අතර, ඊයේ දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 103ක් වාර්තා වී ඇති බව ද රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 669136ක් දක්වා ඉහළ යනු ඇති.
Share This Article