හෝර්ටන්තැන්නේ සැරිසරන ගෝනුන්ගේ සිරුරු රැසක් අඹේවෙල ජලාශයේ පාවෙමින් තිබෙන බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.
එම ජලාශයේ ධීවර කටයුතුවල නිරත වන ධීවරයින් කියා සිටියේ, දඩයමේ ගෙන යාමට ඇති කර, පසුව අතහැර දමා ගිය සුනඛයින් රක්ෂිත ප්රදේශයේ සිටින බවත්, එම සුනඛයින් විසින් ගෝනුන්ව සපා කෑම සහ ගෝනුන් පසුපස එලවා යාම නිසා ගෝනුන් දිවි බේරාගැනීමට ජලාශයට පනින බවත්, එහිදී ජලාශයේ ගැඹුර හේතුවෙන් එම සත්ත්වයින් දියේ ගිලී මියයන බවයි.
කුඩා පැටවාගේ සිට හොඳින් වැඩුණු ගෝනුන් දස දෙනෙකු පමණ සතියකට ජලාශයේ වැටී ජීවිතක්ෂයට පත්වෙන අතර, මේ හේතුවෙන් ජලාශය අවට දැඩි දුර්ගන්ධයක් හමන බව ද ධීවරයින් පවසනවා.
වනජීවී කාර්යාලයට දැනුම්දී තිබුණද, ඔවුන් කිසිවෙකුත් මේ සඳහා කිසිදු ක්රියාමාර්ගයක් ගෙන නොමැති බවත්, ගෝනුන් විනාශ වීම නිසා පරිසර හානියක් ද සිදුවන බැවින්, සුනඛයින් වෙනත් ප්රදේශයකට රැගෙන යාමට හෝ කටයුතු කරන ලෙසටයි එම ප්රදේශයේ ධීවරයින් ඉල්ලා සිටින්නේ.