අඹේවෙල ජලාශයේ ගෝනුන්ගේ සිරුරු පාවෙයි (Photos)
Friday, 19 August 2022 - 11:16 | Views - 285
හෝර්ටන්තැන්නේ සැරිසරන ගෝනුන්ගේ සිරුරු රැසක් අඹේවෙල ජලාශයේ පාවෙමින් තිබෙන බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.

එම ජලාශයේ ධීවර කටයුතුවල නිරත වන ධීවරයින් කියා සිටියේ, දඩයමේ ගෙන යාමට ඇති කර, පසුව අතහැර දමා ගිය සුනඛයින් රක්ෂිත ප්‍රදේශයේ සිටින බවත්, එම සුනඛයින් විසින් ගෝනුන්ව සපා කෑම සහ ගෝනුන් පසුපස එලවා යාම නිසා ගෝනුන් දිවි බේරාගැනීමට ජලාශයට පනින බවත්, එහිදී ජලාශයේ ගැඹුර හේතුවෙන් එම සත්ත්වයින් දියේ ගිලී මියයන බවයි.

කුඩා පැටවාගේ සිට හොඳින් වැඩුණු ගෝනුන් දස දෙනෙකු පමණ සතියකට ජලාශයේ වැටී ජීවිතක්ෂයට පත්වෙන අතර, මේ හේතුවෙන් ජලාශය අවට දැඩි දුර්ගන්ධයක් හමන බව ද ධීවරයින් පවසනවා.

වනජීවී කාර්‍යාලයට දැනුම්දී තිබුණද, ඔවුන් කිසිවෙකුත් මේ සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත්, ගෝනුන් විනාශ වීම නිසා පරිසර හානියක් ද සිදුවන බැවින්, සුනඛයින් වෙනත් ප්‍රදේශයකට රැගෙන යාමට හෝ කටයුතු කරන ලෙසටයි එම ප්‍රදේශයේ ධීවරයින් ඉල්ලා සිටින්නේ. 


 No description available.

No description available.

No description available.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top