අඩු ආදායම්ලාභී පාසල් දරුවන්ට ලබා දෙන පෝෂණවේල නතර වීමේ අවදානමක් යළි උද්ගත ව ඇති බව ලංකා ගුරු සංගමය පවසනවා.
මෙම පෝෂණවේල සඳහා සැපයුම්කරුවන් ලෙස සමෘද්ධිලාභී පවුල් කටයුතු කරනු ලබන්නේ, ඔවුන්ට එමගින් ආදායමක් උපයා ගත හැකි වන පරිදි යි.
කෙසේ වෙතත් සමෘද්ධිලාභීන්ට මෙම ආහාර වේලක් සදහා දැනට ලබාදෙන රුපියල් 30ක මුදල රුපියල් 60ක් දක්වා ඉහළ නංවන බවට ප්රකාශ කළ ද මෙතෙක් එය සිදු ව නොමැති බවයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් පෙන්වා දෙන්නේ.