අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළු අනෙකුත් භාණ්ඩ සදහා පාලන මිලක් ?
Friday, 19 August 2022 - 7:15 | Views - 1,355
රජය විසින් අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළු අනෙකුත් භාණ්ඩ සදහා පාලන මිලක් පැනවීම සිදු නොකලහොත් ඇතැම් භාණ්ඩවල මිල තවදුරටත් ඉහළ යා හැකි බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසනවා.

මේ වනවිට පාලන මිලක් පනවා ඇත්තේ සහල් සදහා පමණයි. එබැවින් වෙලෙදපොලේ අනෙකුත් භාණ්ඩවල මිල ගණන් ව්‍යාපාරිකයින් සහ එම නිෂ්පාදන ආයතන විසින් වරින්වර ඉහළ දමන බවයි එම අධිකාරිය සදහන් කළේ.

විශේෂයෙන් ඇසුරුම් නිෂ්පාදන ආශ්‍රිත භාණ්වල මිල ගණන් පසුගිය කාලසීමාවේදී අවස්ථා කිහිපයකදී මිල ඉහල දමනු ලැබුවේ රජය විසින් පාලන මිලක් පනවා නොතිබීම හේතුවෙන් බවයි පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය වැඩිදුරටත් කියා සිටියේ.

බිස්කට්, සබන්, රෙදි සෝදන කුඩු, ක්ෂණික නූඩ්ලස්, සෝයා පැකට් ඇතුළු තවත් භාණ්ඩ රැසක මිල ගණන් මේ වනවිට ඉහළ මට්ටමක පවතිනවා.

ඇතැම් භාණ්ඩ මේ වන විට පාරිභෝගිකයින් විසින් මිලට ගැනීමද ප්‍රතික්ෂේප කළ ඇත්තේ ඒ හේතුවෙන්.

එබැවින් අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළු අනෙකුත් නිෂ්පාදන සදහා පාලන මිලක් පැනවීමට රජය විසින් පියවර ගත යුතු බවටයි පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.

මේ අතර වෙළෙදපොලේ පළතුරු මිල ගණන්ද ඉහළ ගොස් ඇති පසුබිමක සාමාන්‍ය ප්‍රමාණයේ අන්නාසි ගෙඩියක මිල රුපියල් 550 ඉක්මවා තිබෙනවා.

වැඩි වශයෙන් අන්නාසි වෙළෙදසැල් පවතින කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ බැලුම්මහර සහ ඉඹුල්ගොඩ යන ප්‍රදේශවල පවතින ඇතැම් අන්නාසි වෙළෙදසල්ද මේ වනවිට වසා දමා ඇත්තේ අන්නාසි තොග නොලැබීම හේතුවෙන්.

පැවැති අයහපත් කාලගුණය සහ පොහොර නොමැතිවීම හේතුවෙන් අන්නාසි වගාවට බලපෑම් එල්ලවීම නිසා අන්නාසි හිඟයක් පවතින බවයි වෙළෙදුන් ප්‍රකාශ කළේ.

මේ අතර වෙළද අමාත්‍ය නලින් ප්‍රනාන්දු ඊයේ (18) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ ඇතිකරගත් එකඟතාවයන් මත බිත්තර මිල අඩු නොකරන්නේ නම් ඒ සදහා පාලන මිලක් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන බවයි. 

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top