ඉදිරි මහ කන්නයේදී කාබනික පොහොර මිලදී ගැනීම සඳහා ගොවීන්ට රුපියල් 20,000 ක සහනාධාරයක් ලබාදීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.
ඒ සඳහා රජය වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් කෝටි 1600 ක්. මේ වනවිට පරිසර හිතකාමී පොහොර නිෂ්පාදනය කරන කර්මාන්තකරුවන් සමග සාකච්ඡාවක් ඊයේ කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පවත්වා තිබෙනවා.
එහිදී අමාත්‍යවරයා ඔවුන්ට සඳහන් කර ඇත්තේ කාබනික පොහොර වල ගුණාත්මකභාවය සහ ප්‍රමිතිය සහතික කිරීමෙන් තොරව ගොවිජනතාවට එම පොහොර ලබා නොදෙන බවයි.