නව අමාත්‍ය මණ්ඩලය පත්කිරීම ලබන සතියේ ?
Thursday, 18 August 2022 - 13:18 | Views - 721
දැනට පත් කර ඇති තාවකාලික කැබිනට් මණ්ඩලය වෙනුවට නව කැබිනට් මණ්ඩලයක් ඉදිරියේ සතියේදී පත්වීමට නියමිත බව වාර්තා වනවා.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ සර්ව පාක්ෂික වැඩපිළිවෙල යටතේ මෙම නව කැබිනට් මණ්ඩලය පත් කිරීමට බොහෝදුරට ඉඩ ඇති බවයි.

ලබන 29 වනදා සංශෝධිත විසර්ජන පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඊට පෙර මෙම නව අමාත්‍ය මණ්ඩලය පත් කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ සියලු දේශපාලන පක්ෂ අතර සර්ව පාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවතියත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් මෙතෙක් ගෙන නැහැ.

මෙම නව කැබිනට් මණ්ඩලයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් දැනට අමාත්‍ය ධුර දරන මෙන්ම අමාත්‍ය ධුර දැරූ කිහිපදෙනෙකුට ද ඇතුළත් වනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම්ගෙන් විමසීමක් කළ අතර ඔහු කියා සිටියේ අමාත්‍ය ධුර ලබාදිය යුතු මන්ත්‍රීවරුන්ගේ නම් ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති බවයි.

ජනාධිපතිවරයා පත්වී දින දෙකක් ඇතුළත එම නම් යොමුකළ බව ද ඔහු සඳහන් කළා.

මේ අතර, රජයේ මුදල් පිලිබඳ කාරක සභාවෙන් තමන් ඉවත්කොට ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කළා.

ඔහු වැඩිදුරටත් දක්වා ඇත්තේ සර්ව පාක්ෂික ආණ්ඩුවකට විපක්ෂයට පවා ආරාධනා කර තිබියදී පාර්ලිමේන්තුව තුළ හා ඉන් පිටත ස්වාධීන අදහස් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත දක්වන ප්‍රතිචාරය මෙය ද යන්නයි. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top